කොළඹ ප‍්‍රකට පාසැලක නි. විදුහල්පති බීමතින් පාසැලේ ඇද වැටෙයි

කොට්ටාව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ද පාසැලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු බීමතින් පාසලට පැමිණ කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

බීමතින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා සිය යතුරු පැදියෙන් පිටව යාමට උත්සාහ කිරීමේ දී පාසල් භූමිය තුලම ඇද වැටී ඇත.

පාසලේ පසුගිය 20 වැනිදා සිංහබාහු නාට්‍ය දර්ශන වාර දෙකක් ප්‍රදර්ශනය කර ඇති අතර ඉන් පසු පිටතට ගිය ඔහු බීමතින් යළි පාසලට පැමිණ ඇති බවද වාර්තා වේ.

එම අවස්ථාවේ පාසල් දරුවන්, ආදි සිසුන්, ගුරුවරුන් මෙන්ම දරුවන්ගේ දෙමව්පියන් පිරිසක්ද පාසලේ සිට ඇත.

Leave a Reply

Your email address will not be published.