මහමඟදී යුවළකට අමානුෂික ප්‍රහාරයක් – කාන්තාව මරුට

බොරලැස්ගමුව, බොරුපන පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

අදාළ කාන්තාවගේ හිතවතෙකු විසින් සාදයක් සඳහා පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර ඒ අනුව ඇය සිය සැමියා ද සමග සාදයට යෑම සඳහා බොරුපන පාලම අසලට පැමිණ සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

එම ප්‍රහාරය එල්ලවී තිබුණේ ඊයේ (23) රාත්‍රියේදීය.

එහිදී යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති අතර පසුපැදිකරු විසින් එම අවස්ථාවේ ඇයට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධියෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කාන්තාව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 34 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බඩෝවිට ප්‍රදේශයේ කාන්තාවකි.

ඝාතනය සිදුකර පළායෑමට උත්සාහ කළ යතුරුපැදිකරු සහ පසුපැදිකරුව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ ඝාතනය සිදුකළ පසුපැදිකරු ද ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවය.

එම යුවළට සාදයක් සඳහා ආරාධනා කර ඇත්තේ ද ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින්ම බවට සැකකෙරෙන අතර පොලීසිය ඒ පිළිබඳවද පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.