අධිවේගියේ බසයක රෝද දෙකම ගැලවී යයි.. රෝද නැතිවත් ටික දුරත් යයි…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් මගී ප්‍රවාහන බස් රථයක පසුපස රෝද දෙකම ගැලවී ගොස් අනතුරක් සිදුව ඇත.

දොඩන්ගොඩ සහ වැලිපැන්න පිවිසුම් අතර ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත.

එම බස් රථය විශාල මගින් ප්‍රමාණයක් සහිතව ගමන් කර ඇත්තේ කතරගම සිට කොට්ටාව දක්වා ය.

බස් රථයේ රෝද දෙක ගැලවුණු පසු ද කිලෝමීටර භාගයක් පමණ ඉදිරියට ඇදී ගොස් නැවතී තිබේ.

අනතුරින් කිසිදු මගියකුට හානියක් සිදු වී නැති අතර අධිවේගී මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published.