මැලේසියානු රැකියා 10,000න් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය අංශයට

මැලේසියානු රැකියා දසදහසේ කෝටාවෙන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය අංශය හරහා විදේශගත කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා පවසයි.

අද (23) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මැතකදී මැලේසියාවේ සම්මත වු නව කම්කරු නීති අනුව අවම වැටුප සහ සියලු දීමනා ලංකාවෙන් යන සේවකයිටත් අයත් බව මැලේසියානු රජය තහවුරු කළ බවට අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

“අපි පසුගිය ජුනි මාසයේ මැලේසියානු රජයට ඉල්ලීමක් කළා අපේ රටට යම්කිසි රැකියා කොටාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව මැලේසියානු රජයේ කැබිනට් මණ්ඩලය තීන්දු කළා ලංකාවටත් මේ අවස්ථාව ලබාදෙන්න.”

“ලංකාවට මීට පෙර සීමා වෙලා තිබුණේ ක්ෂේත්‍ර කිහිපයකට පමණයි. ඒ වගේම එහෙම කොටාවක් නිෂ්චිතව තිබුණේ නෑ. මැලේසිාවේ මේ වනවිට පවතින නීති රීතිවලට අනුව, මැලේසියානු රජය ඒ රටේ අවම වැටුපත් තීරණය කළා.”

“ඒ වැටුපට අමතරව ඒ අයගේ නොයෙක් නොයෙක් දීමනා.. මැලේසියානු ජාතිකයන්ට ලැබෙන එ්වාම ලාංකීක සේවකයිනටත්  ලබාගන්න පුළුවන්කම ලැබෙනවා.”  

“ඒ අනුව මැලේසියාවේ සම්මත වු අලුත් කම්කරු නීති අනුව අවම වැටුප සහ සියලු කම්කරු නීතිවලට මේ විගමණික ශ්‍රමිකයන් අපේ රටෙන් යන අයත් එකතුකර ගන්නවා කියන එක දැනුම් දුන්නා.”
  
“මේ රැකියා 10,000 කෝටාව ලබාදීම සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා.”

 

Leave a Reply

Your email address will not be published.