තිරිගු පිටි තොග මිල කිලෝව 420යි..

තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 මිටියක් අද වන විට රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසන්නේ මෙම තත්වය මත රට පුරා බේකරි රැසක් වැසී ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ ඇණවුම් කළ තිරිඟු පිටි තොග ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.