උතුරු දුම්රිය ගමන් යථා තත්ත්වයට

බාධා එල්ල වී තිබූ  උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ.

ඊයේ (04) රාත්‍රි වැල්ලව දුම්රිය ස්ථානයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලිපැනීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් ඊයේ රාත්‍රි වැල්ලව දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව තිබේ.

මේ හේතුවෙන් කොළඹ සිට ගමන් කළ දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානය දක්වාත්, යාපනය, මඩකලපුව සහ ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවන වූ දුම්රියක් මහව හන්දිය දක්වාත් සීමා කර තිබුණි.

කෙසේවෙතත් මේ වන විට එම දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.