මිනුවන්ගොඩ වෙඩිතැබීමක් – තිදෙනෙක් මරුට

මිනුවන්ගොඩ, ගමන් ගෙදර ප්‍රදේශයේ අද (06) උදෑසන 7ට පමණ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ටී 56 ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදි පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි වැදී ඇති බවය.

පෞද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මොටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිවැදීමට ලක්වූ  පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.