උතුරු මාර්ගයේත් දුම්රියක් පීලි පනී

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වන උත්තරදේවි සීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වී තිබේ.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද වියහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර දුම්රිය සංඥා පද්ධතියේ අද (08) උදෑසන පැවති දෝෂයක් හේතුවෙන් කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට එම දෝෂය නිවැරදි කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටස ඊයේ (07) රාත්‍රි 08.30 සිට ලබන 10 වනදා පෙරවරු 06.00 දක්වා තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන තිබේ.

එම කාලය තුළ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට කොස්ගම දක්වා සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.