ආදායම ලක්ෂයට වැඩි නම් බදු ගෙවන්න වෙන්නේ මෙහෙමයි

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (11) දින ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහිදී 2022 අප්‍රේල් මස 01 වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂයේ පළමු මාස 6 සඳහා රු. 1,500,000 ක් සහ දෙවන මාස 06 සඳහා රු. 600,000 ක් ඉක්මවා යන ආදායම් බදු අය කළ හැකි ආදායම ලෙස ගණන් ගැනෙනු ඇත.

එහි සඳහන් පරිදි 2022 අප්‍රේල් 01 දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂයේ මුල් මාස 6ක කාලසීමාව සඳහා බදු අය කළ හැකි ආදායම හා ගෙවිය යුතු බද්ද කාණ්ඩ 3 ක් යටතේ දක්වා ඇත.

ඒ අනුව,

2022 අප්‍රේල් මස 01 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂයේ දෙවන මාස හයක කාලසීමාව සඳහා බදු අය කළ හැකි ආදායම පහත පරිදි වේ.

මේ අතර 2023 අප්‍රේල් මස 01 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂයක් සඳහා වාසික හෝ නිර්වාසික පුද්ගලයකුගේ බදු අය කළ හැකි ආදායම මත බදු පනවනු ලබන අනුප්‍රමාණයන් පහත පරිදි වේ.

එහිදී 2023 අප්‍රේල් මස 01 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන එක් එක් තක්සේරු වර්ෂය සඳහා රු. 1,200,000 ක් ඉක්මවා ලබන ආදායම් බදු අය කළ හැකි ආදායම ලෙස සැලකේ.

මේ අනුව වාර්ෂික ආදායම රු. 1,200,000 ක් හෙවත් මාසික ආදායම රු. 100,000 ක් ඉක්මවා ආදායම් ලබන්නෙකු මෙම බදු ක්‍රමයට අයත් වන අතර නිදසුනක් ලෙස රු. 120,000 ක ආදායමක් ලබන්නෙකුගේ බදු අය කළ හැකි ආදායම රු. 20,000 ක් ලෙසින් ගණනය වේ. ඒ වෙනුවෙන් ඔහු ගෙවිය යුතු බදු ප්‍රමාණය රු. 1,200 කි.

Leave a Reply

Your email address will not be published.