සොරකමකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අල්ලා විදුලි කණුවල ගැටගසා ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ නාවල ප්රදේශයෙනි.
මෙලෙස විදුලි කණු දෙකක ගැටගසා ඇත්තේ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු සහ එම භාණ්ඩ මිලදී ගත් අයෙකුය.
අනතුරුව ප්රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනා පොලීසියට භාරදී තිබේ.