මැතිවරණය කල්දැමීමට එරෙහිව පොදු වැඩපිළිවෙලක්

මැතිවරණ කල්දැමීම ඇතුළු රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඊයේ (12) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

නිදහස ජනතා සභාව විසින් සංවිධානය කරන ලද එම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගය හැර විපක්ෂය නියෝජනය කරන සෙසු සියලු පක්ෂවල නියෝජිතයින් සහභාගී වී තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්  පීරිස් මහතා පළ කළේ මෙවන් අදහසකි.

“මේ සාකච්ඡාවට සහභාගී වූ සියලුම දේශපාලනප පක්ෂ ඉතාමත් පැහැදිලි ස්ථාවරයක සිටියා මොනම හේතුවක් නිසාවත් මැතිවරණ කල්දැමීමට අපි තරයේ විරුද්ධයි කියලා. ඒක මුලික දෙයක්. නිසි කාලයට මැතිවරණයට පවත්වන්න ඕනේ. නොයෙක් නොයෙක් තර්ක ඉදිරිපත් කරමින් මැතිවරණ කල්දැමීම අපි ප්‍රතික්ෂේප කරනවා. තරයේ හෙළා දකිනවා. මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි කාලයෙන් කාලයට. එය අඛණ්ඩව කෙරීගෙන ගෙන යන වැඩපිළිවෙලක්. එහෙත් මැතිවරණ ක්‍රමය වෙනස් කරන මුවාවෙන් මැතිවරණ කල්දැමීම කිසිසේත් කළ නොහැකියි. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා.”

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද මෙසේ  අදහස් පළ කළේය.

“අද මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක් බලයේ ඉන්නවා. ජනාධිපති එළවලා, අගමැති එළවලා, ආණ්ඩු එළවලා තියෙන්නේ. නමුත් ඒ බලය ආරක්ෂා කර ගන්න ඡන්ද නොතියා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උඳුර ගන්න හදනවා. අපි දන්නවා ඉතිහාසයේ මේ විදියට ඡන්ද කල්දාපු උදවිය හැමදාම ඒකේ ප්‍රතිඵල භුක්තිවිඳලා තියෙනවා. අද ජනාධිපතිවරයා ආණ්ඩුවේ උපදෙස් පරිදි ඡන්දේ කල්දාන්න යනවා.”

Leave a Reply

Your email address will not be published.