විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට නිල බැංකු පද්ධතිය හරහා එවන විදේශ මුදල් සදහා බදු අය නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
නමුත් නිල බැංකු පද්ධතියෙන් තොරව නීති විරෝධී ක්‍රම මගින් මෙරටට එවන මුදල් සදහා මෙම බදු සහනය හිමි නොවන බවද ඔහු පැවසීය.
කම්කරු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කලේය.