බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය ක්වාසි ක්වාටෙන්ග් ව එම තනතුරෙන් ඉවත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඔහු පසුගියදා “ආර්ථික පැකේජයක්” හඳුන්වාදුන් අතර එය විවිධ පාර්ශ්වවල දැඩි දෝෂදර්ශනයට ලක්විය.
වොෂිංටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමකට ගොස් සිටි අමාත්‍යවරයාව වහාම සිය රටට කැඳවීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කටයුතු කළාය.
අනතුරුව ඔහුට ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බව සඳහන් ය.