ඉන්දියාවේ බැංකු කළමනාකාරිනියකගේ නිර්භීතකම

බැංකු කළමනාකාරිනියක් විසින් මංකොල්ලකරුවෙකු මෙල්ලකරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුව වෙමින් පවතී.

අදාළ සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවෙනි. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සිදුවීම Marudhara Gramin Bank හි සිදුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.

එම අවස්ථාවේ කොල්ලකරු තියුණු ආයුධයක් අතැතිව බැංකු පරිශ්‍රයට ඇතුල්වන අතර එහි සියලුදෙනාගේ ජංගම දුරකථන එක් ස්ථානයකට එකතු කරනු ලබයි.

අනතුරුව එම ස්ථානයට පැමිණෙන බැංකු කළමනාකාරිනිය අදාළ මංකොල්ලකරු සමඟ බහින්බස්වීමක නිරතව අඬුකින් ඔහුට පහරදීමට උත්සාහ ගන්නා අයුරු CCTV කැමරාවේ පටිගතව ඇත.

Leave a Reply

Your email address will not be published.