යුපුන් දිවයිනට පැමිණෙයි 

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් යුපුන් අබේකෝන් අද (18) අලුයම මෙරටට පැමිණියේය.

එහිදී ඔහුව උණුසුම් ලෙස පිළිගැනීම සඳහා මලල ක්‍රීඩා බලධාරීන් කටුනායක ගුවන්තොටුපොළට ගොස් සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

එහිදී අදහස් දැක්වූ යුපුන් අබේකෝන්,

“මම මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ රාශියක් ලබාගන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන් දකුණු ආසියාවේ පළමුවෙන් තත්පර 10ට අඩුවෙන් දුවන්න ලැබුණ එක සවුත් ඒෂියන් හිස්ට්‍රි එක වෙනස්කරපු තරගයක් වුණා. ඒක මට ලොකු ආඩම්බරයක්. ලෝකෙම 167 වන ක්‍රීඩකයා ලෙසත් ලෝකයේම 32 වන රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමටත් මට හැකි වුණා. ඒක මම මේ අවුරුද්දේ ලබපු ලොකු ජයග්‍රහණයක්. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට අමතරව මම බර්මින්හැම් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා . මම මේ වනවිට ලෝකයේ පවත්වන සියලුම ධාවන තරග සඳහා සහභාගීවී තියෙනවා.”

Leave a Reply

Your email address will not be published.