රතිඤ්ඤා මිල අධික ලෙස ඉහලට…

ඉකුත් උත්සව සමයට සමගාමිව මෙවර දිපවාලි උත්සව සමයේ රතිඤ්ඤා සහ ගිණිකෙලි  නිෂ්පාදන මිල ඉහල යාම හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව රතිඤ්ඤා වෙලෙදුන් පවසයි.

රතිඤ්ඤා අලෙවි කිරිම සදහා රජයේ පුපුරන ද්‍රව්‍ය පාලකවරයාගෙන් බලපත්‍රයක් ලබාගෙන මෙවර දිපවාලි උත්සව සමයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙලි නිෂ්පාදන අලෙවි කිරිමට කටයුතු කල බවත්, රතිඤ්ඤා ඇතුණ සැම ගිණිකෙලි නිෂ්පාදනයකම මිල අධික ලෙස ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් ගිණිකෙලි නිෂ්පාදන මිල දි ගැනිමෙන් වැලකි සිටින බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

ඉකුත් වසරේ රු 80 මිලකට අලෙවි කල කුඩා රතිඤ්ඤා පැකට්ටුවක් මෙවර උත්සව සමයේ රු 180 – 200 අතර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, එයට සමගාමිව අනෙකුත් ගිණිකෙලි නිෂ්පාදන මිල 300% පමණ ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

වෙඩි බෙහෙත් ආනයනය කිරිමේදි පනවා ඇති ඉහල බදු සහ ගිණිකෙලි නිෂ්පාදනය සදහා වැයවන පිරිවැය අධික විම හේතුවෙන් ගිණිකෙලි නිෂ්පාදන මිල ඉහල දැමිමට සිදු වි ඇති බව ගිණිකෙලි නිෂ්පාදකයන් තමන් කියා සිටි බවයි ගිණිකෙලි නිෂ්පාදන අලෙවි කරන වෙලෙදුන් කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published.