ප්‍රියමාලිගෙන් WTC එකටත් පොල්ලක්

ලක්ෂ 16ක කුලිය මාස 8කින් ගෙවා නෑ

මෙරට අප්‍රකට ධනවතුන් සහ නීති විරෝධි ජාවාරම්වල නිරතව සිටින පුද්ගලයන්ගේ බිලියන ගණනක මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිය කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේද මාස 08ක කුලියක් නොගෙවා බව හෙළිවී තිබේ. ඇගේ කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේය. එහි කුලිය මසකට රුපියල් ලක්ෂ 16කි. ඒ අනුව ඇය රුපියල් ලක්ෂ 128ක කුලියක් ගෙවා නැති බව අනාවරණය වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලෙහි 34 වැනි මහල ඇයට කාර්යාලයක් පවත්වාගෙන යෑමට දෙන විට මාස 12ක තැන්පතුවක් තබාගෙන ඇති බැවින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පරිපාලනයට මෙමඟින් පාඩුවක් සිදුව නැති බව සොයා බැලීමකදී අනාවරණය වූ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.