පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් ඉල්ලා අස්විය යුතුයි -අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි හිමි

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ පවසන්නේ බලාපොරොත්තු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සමම්ත කර ගැනීමට හැකිවීම පිළිබඳව අගය කළ යුතු බවය.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැදගම ධම්මානන්ද හිමි මේ බව සිටියේය.

“22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වූ ආකාරයට සම්මතවීම පිළිබඳව සතුටු වෙනවා. කාරක සභා අවස්ථාවේදී රටට අහිතකර වගන්ති ඇතුළත් කිරීමකින් තොරව එය සිදුවීම සුදුසුයි කියන මතය අපිත් දරනවා. ඒ වගේම ද්විත්ව පුරවැසිභාවය තිබෙන තැනැත්තන් අපේ රටේ පාර්ලිමේන්තුව තුළ, ඒ රටට බලපාන තීන්දු තීරණ ගන්න තැන නියෝජනය කිරීම අහිතකර බවක් අපි දකිනවා. මේ අවස්ථාවේදී අපි ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයන්, මන්ත්‍රීවරුන් සිටිනවා නම් ඒ අය  තමන්ගේම කැමැත්තෙන්ම ඉවත්වීම තමයි මේ අවස්ථාවේදී සුදුසු.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැදගොඩ ධම්මානන්ද හිමි පැවසුවේ, රජයේ ඉහළ තනතුරු සඳහා ද ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයින් පත්නොකළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published.