මෙරට සංචාරයක නිරත වී සිටින අමෙරිකාවේ ආසියානු කලාපීය නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා හමු වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ වන විට ඇති කරගෙන ඇති කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය පවසන්නීය.
මෙරට මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි තිරසාර විසඳුම් සහ ආර්ථිකය ගොඩනැගීමට ශ්‍රී ලංකාව දරන උත්සාය පිළිබඳව ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බව අමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
මීට අමතරව අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම්වරයා මෙරට ආයෝජනය සිදුකරන අමෙරිකා එක්සත් ජනපද ව්‍යාපාරිකයින් පිරිසක් සමග ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.