විදෙස් ගතවන මව්වරුන් ට තහනමක්

වයස අවුරුදු පහට අඩු ළමුන් සිටින කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුවීම වළක්වාලීමට අවශ්‍ය නීති කඩිනමින් යළි ගෙන එන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වාදෙන්නේ, මේ වන විට වයස අවුරුදු දෙකට වැඩි ළමුන් සිටින මව්වරුන්ට විදෙස් ගතවීම සඳහා අවසර ලබාදීමට රජය ගෙන ඇති තීරණය ගැටලු සහගත බවය.

මේ හේතුවෙන් බොහෝ ළමුන් විවිධ අපයෝජනයන්ට ලක්වන බව ද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

“දැන් කැබිනට් පේපර් එකකින් පාර්ලිමේන්තුවේ යොදාගෙන තියෙනවා අවුරුදු 2ට වැඩි ළමයි ඒ කියන්නේ අවුරුදු 2යි මාසයක් වුණත් ඒ අම්මාට රට යන්න පුළුවන් කියලා. ඒක මේ දරුවන්ට කරන ලොකු අපරාධයක්. දරුවෝ අවුරුදු 2යි කියන්නේ යන්තන් කතා කරන දරුවෝ. අපි ඒක අවුරුදු 5ක් කරගන්නම ඕන. ඒක නිසා ජනාධිපතිතුමා එක්ක කතා කරලා, මේ දරුවන්ට අවුරුදු 5ක් වෙනකල් අම්මා දරුවන්ට රැකවරණය දෙන්න ඕන. අපට කියන්න ලැජ්ජයි දරුවන්ව වැඩිපුර අපයෝජනය කරලා තියෙන්නේ පවුල්වල අය. සමහර අවස්ථාවල පියා. එවැනි තත්ත්වයක දී රජයක් හැටියට අපි අවුරුදු 5ට අඩු දරුවන් ඉන්න මව්වරු රට යැවීම වහාම නතර කන්න ඕනේ.”

Leave a Reply

Your email address will not be published.