අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් උතුරේ සංචාරයක

මෙරට අමෙරිකානු තානාපති කාර්යාල නියෝජ්‍ය තානාපති ඩෝහ් සොනෙක් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක්‍ උතුරේ සංචාරයක නිරත වී තිබේ.

යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි අදාළ තානාපති කාර්යාල නියෝජිතයින් සංචාරයක නිරත වු අතර, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් අතර සාකච්ජා කිරීමට අමෙරිකානු නියෝජ්‍ය තානාපතිවරයා කටයුතු කොට තිබුණි.

යාපනය ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවු අමෙරිකානු නියෝජ්‍ය තානාපතිවරයා වර්තමාන දේශපාලන තත්ත්වය හා උතුරේ ජනතාවගේ ජන ජිවිත ගැටලු සම්බන්ධයෙන් එහිදි සාකච්ජා කර තිබේ.

යාපනය දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් හමුවීමටද අමෙරිකානු නියෝජ්‍ය තානාපතිවරයා කටයුතු කොට ඇත.

උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක් වු හෙලෝ ට්‍රස්ට් සංවිධානයේ නියෝජිතයින් හමුවී උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ද අමෙරිකානු නියෝජිතයින් අදහස් හුවමාරු කර ගෙන තිබේ.

මන්නාරම දිස්ත්‍රික් සංචාරයට එක්වු අමෙරිකානු නියෝජ්‍ය තානාපතිවරයා මන්නාරම දිස්ත්‍රික් ධීවර ජනතාවගේ ගැටලු හා මන්නාරම දිස්ත්‍රික් මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයින් හා කිතුණු සංවිධාන නියෝජිතයින් පිරිසක් සමඟද සාකච්ජා පැවැත්වූහ.

මන්නාරම දිස්ත්‍රික් සිවිල් වැසියන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් එහිදි අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් සමග සාකච්ජා කළ බවද මන්නාරම සිවිල් සංවිධාන නියෝජිතයින් පැවසූහ.

Leave a Reply

Your email address will not be published.