පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම සංගමය පවසන්නේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දමන බවය.

එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනද රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර තිබේ

Leave a Reply

Your email address will not be published.