ගම්මාන 08ක සිසුන්ගේ පාසල් ගමන නතර වූ බවට පළවූ පුවත අසත්‍යයි – PMD

ආහාර අහේනියක් හේතුවෙන් දිඹුලාගල ගම්මාන 08ක සිසුන්ගේ පාසල් ගමන නැවතී ඇති බවට වාර්තා කර ඇති පුවත සාවද්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් හතරක් විසින් අද (31) මෙම පුවත පලකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාගෙන් සහ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිදුකළ ලිඛිත විමසීමකදී ඔවුන් එම පුවත සාවද්‍ය බවට දැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.