අමතර ඉන්ධන කෝටාවට බස්නාහිර ත්‍රිරෝද රථ 9000 ක්

බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ නියාමන වැඩසටහන යටතේ අමතර ඉන්ධන ලීටර් 05 ක කෝටාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා තවදුරටත් අවස්ථාව පවතින බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
එහි කාලය අදින් අවසන් වන බවයි මීට පෙර ඔවුන් නිවේදනය කර තිබුණේ.
පසුගිය 01 වැනිදා සිට ගත වූ සතියක කාලය තුළ ත්‍රිරෝද රථ 9,000 ක් පමණ ඒ සඳහා ලියාපදිංචි වී තිබෙනවා.
දැනට ත්‍රිරෝද රථ සඳහා ලීටර් 05 ක ඉන්ධන කෝටාවක් සතිපතා ලබාදෙන අතර, එය ලීටර් 10 දක්වා වැඩි කිරීමට පසුගියදා තීරණය කළා. කෙසේ වෙතත්, එය පළමු අදියර යටතේ බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක කෙරෙන අතර, අනෙක් පළාත් තුළද පසුව ක්‍රියාත්මක කෙරෙනු ඇති.
www.wptaxi.lk
වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථවලට අමතර ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා තවදුරටත් ලියාපදිංචි විය හැකියි.
ලියාපදිංචි නොවන ත්‍රිරෝද රථ සඳහා ලීටර් 05 ක අමතර ඉන්ධන කෝටාව ලබා නොදෙන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රීරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.