අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයකු සහ ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් දහසයක් එස්ටීඑෆ් භාරයට ගෙන ඇත.

සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල, වේවැල්දූව පාර ප්‍රදේශයේදීය.

ඉන් එක් සැකකරුවෙක් ඉන්දියාවේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සින්නයියා ගුණසේකර හෙවත්  කිඹුලා  ඇළ ගුණා නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් බව පොලීසිය කියයි.

සැකකරුවන් වයස අවුරුදු 29, 30 හා 49 වයස්වල පසුවන  කොළඹ 14 සහ කොළඹ 9 ස කොළඹ 12 පදිංචිකරුවන් ය.

Leave a Reply

Your email address will not be published.