මධුමාදව අරවින්ද ගැන ආදරණිය බිරිඳ කියූ කතාව

ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

පසුගිය දවසක මධුමාදව පළ කරපු සටහනක් නිසා බොහෝ දෙනෙක් කලබල වෙලා තිබුණා.

“තනි තටුවෙන් පියාඹන්න” ලෙස සඳහන් කොට තිබූ එම සටහන ලොකු ආන්දෝලනයක් ඇති කළ අතර, මධුමාදවගේ පාදයක් ඉවත් කර ඇති බවටයි බොහෝ දෙනා සඳහන් කර තිබුණේ.

නමුත් එම පුවත සාවද්‍ය බවත්, තමන් විහිලුවක් කළ බවත් සඳහන් කරමින් මධුමාදව නවතම සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published.