එළවළු මිල යළි අඩුවෙයි

ගත වූ සතියේ පහළ ගිය තොග මිලට සාපේක්ෂව එළවළු වර්ග රැසක සිල්ලර මිල ගණන් ද මේ වනවිට අඩු වී තිබෙනවා.
පසුගිය සති කිහිපය තුළ එළවළු මිලේ ඉහළ යාමක් වාර්තාවූ අතර, එම මිලයි මේ වනවිට යළි අඩුවෙමින් පවතින්නේ.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ පහත රට එළවළු වල වැඩිම මිල පහළ යෑමක් වන රුපියල් 44 මුරුංගා සඳහා වාර්තා වී ඇති බවයි.
වට්ටක්කා රුපියල් 20 කින්ද, වැටකොළු සහ කරවිල රුපියල් 4 ත්, 11 ත් අතර මිලකින් ද, බණ්ඩක්කා රුපියල් 34කින් ද පහත වැටී තිබුණා.
පොල් මිල ගණන්වල සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර, ලොකු පොල් ගෙඩියක් රුපියල් අසූපහ, අසූ අට මට්ටමේ සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, රතු ළුෑණු මිල ඉහළ ගොස් තිබූ අතර, ආනයනික මෙන්ම දේශීය අර්තාපල් මිලේ ද වැඩිවීමක් සටහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.