ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගොස් තිබේ.
ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඊජිප්තුව බලා පිටත්ව ගිය බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
අදාළ සමුළුව අද දිනයේ සිට ලබන 18 වනදා දක්වා ඊජිප්තුවේදී පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව ඇමතීමට ද නියමිතය.