මාරක අනතුරු දෙකක් 

වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

බස් රථයක් මාර්ගය අයිනේ නතර කර තිබු යතුරුපැදියක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් මියගොස් ඇත්තේ 60 හැවිරිදි දෙවලපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මේ අතර මඩකලපුව, ත්‍රීකුණාමලය මාර්ගයේ පලෙයි නගර් ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

යතුරුපැදියක පිටුපසින් පැමිණි කැබ් රථයක් ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබු පසුපැදිකාරිය මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි පලෙයි නගර් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

Leave a Reply

Your email address will not be published.