ජාතික රෝහලේ සේවක වර්ජනයක්

කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (08) උදෑසන 8 සිට පැය 4 ක් රාජකාරියෙන් බැහැරව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ ඉහළ යන “ජීවන වියදම, මර්දනය නවතනු, බදු බර හා බඩු මිල අඩුකරනු සෞඛ්‍ය සේවයට 5%ක් වෙන්කරනු සහ IMF යෝජනාවලට යටවෙන ජනතාද්‍රෝහී අයවැය පරදමු” යන කරුණු මුල්කර ගනිමිනි.

වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගී ජනතාවද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

“ලෙඩ්ඩු අසරණ වෙලා ඉන්නේ… ආර්ථික ප්‍රශ්න මදිවට මේවත්…”

මේ අතර වර්ජනයේ නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය නිරත වුණි.

“මමයි මගේ නෝනයි දෙන්නම රස්සා කරනවා…නමුත් අද අපිට ලෝන් ගෙවා ගන්න බැරි තරම් අසරණවෙලා…”

කෙසේවෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා දැඩිව අප්‍රසාදය පළ කළේය.

“සෞඛ්‍ය කේෂ්ත්‍රය ප්‍රචාරය කරලා තියෙනවා. රු 5,000ක කලින් ආණ්ඩුව ගෙව්ව දීමනාව දැන් නරත කරලා තියෙන්නේ ජනවාරි මාසයේ ගෙවන්නේ නෑ කියලා. ඒ සටන් පාඨය මත තමා සෞඛ්‍ය කේෂ්ත්‍රය කම්කරු කණ්ඩායම් උසි බස්සලා එළියට බස්සගෙන තියෙන්නේ. මේ චක්‍රලේඛයේ කිසිතැනක නෑ මේක නතර කරනවා කියලා. 5,6 එළියට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණට අදාළ කණ්ඩායම්. අද බහින්නේ පෙරටුගාමී දේශපාලන පක්ෂයත් එක්ක සම්බන්ධ අය. මේ බංකොළොත් දේශපාලන පක්ෂවල මෙහෙයුම්වලට අහුවෙන්න එපා කියන ඉල්ලීම අපි රජයේ සේවකයින්, අර්ධ රාජ්‍ය සේවකියන්ට හා කම්කරු පාන්තිකයින් කියනවා.”

Leave a Reply

Your email address will not be published.