පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් එයි

“පෝට්සිටි”යේ ආයෝජන කටයුතු ඇරඹීමට සමාගම් හයක් ඉදිරිපත් වී තිබෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පෝට් සිටි ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යන අතර මූල්‍ය රෙගුලාසි  මේ වන විට සකස් කරමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවට ගෙනවිත් ගැසට්  කළ පසුව ආයෝජන කටයුතු අරඹන්නට සමාගම් වලට ඉඩ ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

අදියර දෙකක් යටතේ පෝට්සිටි ව්‍යපෘතියේ කටයුතු අරඹන අතර පළමුවෙන් තාවකාලික ව්‍යාපාර ඉදිකරන බවත් ඉන් පසුව ප්‍රධාන ව්‍යාපාර පැමිණි පසු එම ව්‍යාපාර ඉවත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

නෙළුම් කුළුනේ ද කාමර සහ ගොඩනැගිලි  බදු දීමේ කටයුතු සියයට හැත්තෑවක් අත්සන් මට්ටමේ තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්‍රදර්ශන කටයුතු වලින් රුපියල් මිලියන 218 ක මුදලක් උපයා තිබෙන බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.