මහජන සේවාවක් තාවකාලිකව අත්හිටුවීම ගැන නිවේදනයක්

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ, ඒ අනුව අද (10) සිට ජනවාරි මස 12 වනදා දක්වා එහි සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය.

ඒ අනුව සේවා ලබාගැනීම සඳහා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙස සේවාලාභීන්ට දැනුම් දී ඇත.

එම කාර්යාලයේ මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව ද වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

වෙළෙඳ නාවික ලේකම් කාර්යාල හදිසි අවශ්‍යතාවයක් මත දැනට පිහිටි ගොඩනැගිල්ලෙන් වෙනත් ගොඩනැගිල්ලක් වෙත රැගෙන යෑමට නියමිත බැවින් එම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.