වතු කම්කරුවන් ට විශේෂ නීති – සියලුම ලිපි දෙමළ භාෂාවෙන්

වතු කම්කරුවන්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන විශේෂ නීති ගෙන එන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර දෙසියක් ගත වීම නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අදාළ නීති සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.

අය වැය යෝජනා අනුව මෙම වසර තුළදී එක් කම්කරු නීති සංග්‍රහයක් සකස් කරන අතර වතු කම්කරුවන් සඳහා වන විශේෂ නීති එයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

කම්කරු‌ දෙපාර්තමේන්තුව විසින් වතු කම්කරුවන්ට යවනු ලබන ලිපි සිංහල භාෂාවෙන් යොමු කිරීම හේතුවෙන් සිය ගැටලු විසඳා ගැනීමට නොහැකිවීම පිළිබඳව වතු වෘත්තීය සමිති එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුව විසින් වතු කම්කරුවන්ට යවනු ලබන සියලුම ලිපි දෙමළ භාෂාවෙන් ද යොමු කරන ලෙස අමාත්‍යවරයා අදාළ සාකච්ඡාවේදී උපදෙස් ලබාදී ඇති ඇත.

Leave a Reply

Your email address will not be published.