විශ්‍රාම වැටුප් ගන්න නුවර පෝලිම් හැදිලා

විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා පැමිණි වැඩිහිටියන් අද (10) උදෑසන සිට බැංකු ඉදිරිපිට පෝලිම්වල රැඳී සිටින අයුරු මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වුණි.

අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන 5 පමණ සිට ඔවුන් පෝලිම්වල රැඳී සිටින බවය.

විශ්‍රාම වැටුප් ලබාගැනීමට පැමිණි පුද්ගලයින් මෙලෙස අදහස් දැක්වීය.

“මම අවුරුදු 22ක් හමුදාවේ සේවය කළේ. තුවාල වෙලා ඉන්නේ. එහෙම කරලත් විශ්‍රාම වැටුප ගන්න එද්දි වැටුප නෑ කියන්නේ විශාල ගැටලුවක්. රට බේරගත්ත අපි වගේ මිනිස්සුන්ට මෙහෙම දුක්දෙන්න එපා. අපි මේ අතපය නැතිකරගෙන රට බේරගත්තේ.”

“මම උදේ 6.30 වගේ වුණා මෙතැනට එද්දි. තාම ඉතින් නෑ පැන්ෂන් එක. බලාගෙන ඉන්නේ පෝලිමේ.”

Leave a Reply

Your email address will not be published.