විෂ දුමක් ආඝ්‍රහණය වීමෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
අද (14) පෙරවරුවේ සේවකයින් කිහිපදෙනෙකු රෝහලේ කසළ බැහැර කිරීමේ කටයුතුවල නිරතව සිටියදී ගෑස් කාන්දුවීමක් සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
එහිදී ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් 10දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.