කාන්තා මළ සිරුරක් බණ්ඩාරගම වැවේ දී හමුවෙයි

දින තුනකට ඉහතදී අතුරුදහන් වූ කාන්තාවකගේ මළ සිරුරක් බණ්ඩාරගම මැදගම අලුත්ගම වැවේ පාවෙමින් තිබී දී අද (15) පෙරවරුවේ හමුවූ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල හංදිය මෛත්‍රී මාවත පදිංචිව සිටි අමිතා බාලසූරිය නැමැති 60 හැවිරිදි එක්දරු මවකි.

රෝගාබාධයකින් පෙළෙන බවත් දින තුනකට පමණ ඉහත දී නිවසින් අතුරුදන් වූ බවට ඊයේ (14) රාත්‍රී පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලීසිය පවසයි.

ප්‍රදේශ වාසියෙකු පොලීසියට ලබා දුන් තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.