යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පැවැත්වූ විරෝධතාවයකට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ සිට පාගමින් විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට යෑමට උත්සාහ දරා ඇති අතර, එහිදී පොලීසිය විසින් අරසඩි හන්දිය ප්‍රදේශයේ දී විරෝධතාවය නවත්වා ඇති බවය.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර ද එල්ල කර තිබේ.
තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද යාපනයට ගොස් සිටී.