තෙවැනි තරගයට කණ්ඩායමේ වෙනස් කම් දෙකක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (15) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් දෙකක් සිදුකර තිබේ.

ඒ අනූව අෂේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට එකතු කර තිබේ.

ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ අද තරගයට එක් නොවෙති.

ඒ අනුව අවිෂ්ක ෆර්නැන්ඩු, නුවනිඳු ෆර්නැන්ඩු , කුසල් මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ළහිරු කුමාර අද තරගයට සහභාගී වීමට නියමිතය.

ඉන්දීය කන්ඩායමේ ද වෙනස්කම් දෙකක් සිදුකරමින් සූර්යකුමාර් යාදෙව් සහ වොෂින්ටන් සුන්දර් කණ්ඩාමට එකතුකරමින් හර්දික් පාණ්ඩියා සහ උම්රාන් මලික් විවේක ගන්නවා තිබේ.

ඒ අනුව, රොහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදෙව්, ශ්‍රෙයාස් අයියර්, කේ.එල් රාහුල්, වොෂින්ටන් සුන්දර්, අක්සාර් පටෙල්, කුල්දීප් යාදෙව්, මොහොමඩ් ෂමි, මොහොමඩ් සිරාජ්.

Leave a Reply

Your email address will not be published.