පුද්ගලයින් 72ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි

නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ.

විදේස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති බවය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.

නේපාලයේ පැරණි ගුවන් තොටුපොළ සහ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර මෙම ගුවන් යානය අනතුරට ලක් ව ඇත.

මෙම ගුවන් යානය කත්මණ්ඩු සිට Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.