19න් පහළ T20 කාන්තා ලෝක කුසලානයේ පළමු ජය ශ්‍රී ලංකාවට

අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 96ක් ලබා ගෙන ඇත.

ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 100ක් ලබා ගනිමින් ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 34ක් සහ මනුදි නානායක්කාර නොදැවී ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published.