සජිත්ට බස් ලයිෂන් තියෙනවද?

විපක්ෂ නායකතුමා බස් බෙදාගෙන යනවා. එතුමා බස් එක එළවන්නෙ ලයිසන් එකක් තියාගෙන දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී  ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී විමසුවාය.

බස් එලවන්න වෙනම ලයිසන් අවශ්‍ය බව කී ඩයනා ගමගේ මහත්මිය විපක්ෂ නායකවරයාට ඒ ලයිෂන් එක තිබේ දැයි ප්‍රශ්න කළාය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනිවාර්යයෙන්ම සම්මත කළ යුතුව තිබෙන බව කී මන්ත්‍රීවරිය මැතිවරණ  වියදම් සල්ලි කොහෙන් එනවද කියලා අපි දන්නේ නැතැයි ද  තියන අය විශාල වශයෙන් වියදම් කරන අතර  නැති අය නිකංම ඉන්න බව කීවාය.

Leave a Reply

Your email address will not be published.