ගුරාගේ වාචාල කට සිසුවියට විෂය කරුණු අමතක කරලා

මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියමින් සිටි සිසුවියක් පිළිතුරු ලිවීම සඳහා  කොළ ඉල්ලා සිටි  අවස්ථාවේ එම ශාලාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් වූ බව කියමින් එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ කම්පනයට පත් වූ  නිසා  අදාළ විෂය කරුණු අමතක වී ගිය බවත් එම සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි මාතලේ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටින අතරවාරයේ එම විභාග පරීක්ෂකවරයාගෙන්ගෙ කොළ ඉල්ලා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ අවස්ථාවේ මේකී මෙච්චර කොළ ඉල්ලන්නේ මොනව ලියන්නද දන්නේ නැහැ යැයි කියා එම විභාග පරීක්ෂකවරයා පැවසූ බව සිසුවිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇත.

Leave a Reply

Your email address will not be published.