මෙසීට මරණ තර්ජනයක්

ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩක මෙසී සම්බන්ධයෙන් පළවූ පුවතක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඔහුගේ බිරිඳ වන Antonella Roccuzzoගේ පවුලට අයත් Rosario හි පිහිටි සුපිරි වෙළෙඳසැලකට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී වෙඩික්කරුවන් විසින් සටහනක් තබා ගොස් ඇති අතර එහි සටහන්ව ඇත්තේ “මෙසී අප ඔබ එනතුරු බලාසිටිනවා, Rosario හි නගරාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට ඔබව ආරක්ෂා කළ නොහැකියි” යනුවෙයි.

එරට පොලීසිය පවසා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවය.

වෙඩිතැබීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ඉන් සුපිරි වෙළෙඳසැලට හානි සිදුව ඇත.

එහිදී සැකකරුවන් විසින් වෙඩි ප්‍රහාර 14ක් එල්ලකර ඇති බවටද තොරතුරු වාර්තාවෙයි.

එසේම එරට බලධාරීන් වාර්තා කර ඇත්තේ මෙම වෙඩිප්‍රහාරයට හේතුව මේ වනතෙක් පැහැදිළිව අනාවරණය වී නොමැති බවය.

Leave a Reply

Your email address will not be published.