මිනිස් ජාවාරම්කරුවන්ට වැට බදින්න නව උපක්‍රමයක්

ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ආරක්‍ෂා කිරීමේ සහ මිනිස් වෙළෙදාම වැලැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්කරණ ක්‍රියාවලියකින් දත්ත පද්ධතියක ගබඩා කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ඒ අනුව පුද්ගලයන්ගේ ශරීර අංග සහ ලක්‍ෂණ නවීණ තාක්‍ෂණය හරහා දත්ත පද්ධතියක ගබඩා කරන බවත් ඇස්, ඇඟිලි සලකුණු සහ වෙනත් ශරීර ලක්‍ෂණ ලබාගන්නා බවත් එම කාර්යංශය කීය.

මිනිස් ජාවාරම වැලැක්වීම සදඟා ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශ නීති දැඩි කරමින් කාර්යාංශ පනතට නව සංශෝධන යෝජනය කිරීමට ද කටයුතු කරමින් සිටින බව ද කියන එම කාර්යංශය ඒ සඳහා තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ගැනීම ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

කම්කරු හා විදේශ රැකියා ආමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ මැදිහත් වීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 

Leave a Reply

Your email address will not be published.