රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික වෘත්තීය සමිති ඒකාබද්ධ අරගලයකට

රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික වෘත්තීය සමිති ඉදිරියේදී රජයට එරෙහිව ඒකාබද්ධ අරගලයකට යෑම සඳහා අද (07) දින පැවැති සාක්ච්ඡාවේදී එකඟතාවයකට පැමිණ ඇත.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද (07) දින විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේදී පවත්වා තිබේ.

වෘත්තිකයින් වශයෙන් විදුලි බිල වැඩි වීම, බැංකු ණය පොළිය වැඩි වීම, උපයන විට බදු වැඩි වීම හේතුවෙන් ජීවන වියදම් දීමනාව ලෙස රු.20000 ක් ලබා ගැනීම සඳහා ගනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය කිසිඳු තැකීමත් නොකිරීම නිසා රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික වෘත්තීය සමිති මෙම සාකච්ඡාවට එක්වූ බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු අජිත් තිලකරත්න මහතා අප කල විමසුමකදී පැවසීය.

ඒ අනුව හෙට (08) දින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජනයක්ද,  අනිද්දා (09) දින විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයද, 13 වන දින රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හා 15 වන දින රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික වෘත්තීය සමිති ඒකාබද්ධ පොදු වැඩවර්ජනයකට යෑමට තීරණය කල බව හෙතෙම පැවසීය.

මෙම ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය, දුම්රිය, විදුලි බල, ඛණිජ තෙල්, වරාය, විශ්ව විද්‍යාල ආචාර්යවරු, බැංකු, වෛද්‍ය, රාජ්‍ය කලමනාකරණ, සංවර්ධන සහකාර ආදී ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන් එක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.