චීනයෙන් සංචාරකයින් පිරිසක් දිවයිනට

කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස දිවයිනට පැමිණ තිබේ.

181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 07 ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතය.

චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. 231 දරණ ගුවන්යානයෙන්  ඊයේ (10) පස්වරු 06.51 ට කටුනායක ගුවන්තොටුපොළට එම පිරිස පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

සෑම සතියකම චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිට චීන සංචාරකයන් රැගත් ගුවන් ගමන් වාර 06 ක් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ මෙරටට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස වූ සංචාරකයන් 117 දෙනෙකු රැගෙන  චීනයේ ග්වැන්ෂෝ නුවර සිට පසුගියදා දිවයිනට පැමිණියේය.

Leave a Reply

Your email address will not be published.