පනාගොඩ යුද හමුදා කඳවුරෙන් T56 ගිනි අවියක් සහ එම උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් සොරකම් කළ යුද හමුදා සෙබළෙකු සොයා මිනිමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකාර සෙබළා ගිනි අවිය රැගෙන ගොඩගම පිහිටි විහාරස්ථානයකට පැමිණ ඇති බවය.
එම විහාරස්ථානයේ නායකහිමිනම සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අදාළ සෙබළා එහිදී එම හිමිනමගෙන් ගිනි අවිය රැගෙන යාම සඳහා බෑගයක් ද ඉල්ලාගෙන ඉන් පළාගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
සැකකරුට ආධාර අනුබලදීම යටතේ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර ඇත.