කොටහේනේ වෙඩිතැබීමක්

කොටහේන පරමානන්ද මාවතේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථ කාර්මිකයකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය.

වෙඩිතැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත.

Leave a Reply

Your email address will not be published.