රූමත් තරුණිය ඝාතනයට පෙර දූෂණය කර ඇති බව හෙළිවෙයි

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ ඝාතනය කර තිබියදී කුඹුරකදී සොයාගත් 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් තරුණිය දූෂණය කර ඝාතනය කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ.

ඇයව ඝාතනය කර ඇත්තේ ඉකුත් 10 වනදා රාත්‍රියේ 9.30ට පමණ බවට පොලීසිය අනාවරණ කරගෙන තිබුණි.

ඊට අදාළව සැකපිට ආබාධිත හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් අතර මෙම ඝාතනය ඔහු විසින් සිදුකළේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඔහුගේ DNA සාම්පල සහ මියගිය කාන්තාවගේ සිරුරෙන් ලබාගත් DNA සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලීසිය පැවසීය.

සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ නිවස පොලිස් නිල සුනඛ ‘ඒගර්’ විසින් හඳුනා ගැනීමත් සමගය.

අදාළ හමුදා සෙබළාගේ නියපොතු සහ සරමක ඒවන විටත් මඩ තැවරී තිබීම හේතුවෙන් පොලීසියේ සැකය ඔහු වෙත යොමුවී ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published.