කොල්ලුපිටියේදී පොලිස් නිලධාරියෙකු යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදී වෑන් රථයකින් පොලිස් නිලධාරියෙකු යටකර පළාගොස් තිබේ.

අනතුරින් බරපතළ තුවාළ ලැබූ පොලිස් කොස්තාපල්වරයා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.

කොල්ලුපිටිය පොලීසියට අනුයුක්ත අදාළ පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය මුහුදු මාවත කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල නිරතව සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත.

මුහුදු මාවත ඔස්සේ බම්බලපිටිය දෙසට අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ වෑන් රථය පදවා ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටින 18 හැවිරිදි වියේ පසුවන සිසුවෙකි.

අදාළ අනතුර සම්බන්ධයෙන් සැකකාර සිසුවා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇපමත මුදාහැර තිබේ.

කොල්ලුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.